බියගැන්වීම් හමුවේ වසර ගණනාවක් සැඟවුණු සත්‍යය.. ආච්චිගේ නිවසේදී එළියට ආ අඳුරු කතාව..
අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10යි මාස 8ක් වන කුඩා දැරියකට ඇගේම පියා සහ සීයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවට අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා.
මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වුණා.
පොලිස් වාර්තාවලට අනුව, අදාළ දැරිය පසුගිය 9 වැනිදා පාසල් ක්‍රීඩා කටයුත්තක් සඳහා ගාල්ල ප්‍රදේශයට ගොස් අනතුරුව මිරිස්ස ප්‍රදේශයේ පිහිටි ඇගේ ආච්චිගේ නිවසට ගොස් තිබෙනවා.
එහිදී තමන් මුහුණ දුන් මෙම බිහිසුණු අත්දැකීම පිළිබඳව ආච්චි සහ ඥාතියෙකු හමුවේ හෙළි කිරීමට දැරිය කටයුතු කර ඇති අතර, පසුව ඔවුන් විසින් දැරියව අම්බලන්තොට පොලිසිය වෙත කැඳවාගෙන ගොස් පැමිණිලි කර තිබෙනවා.
සීයා සහ පියා විසින් අවස්ථා ගණනාවකදී මෙම අපරාධය සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කිසිවෙකුට හෝ පැවසුවහොත් මරණ බවට තර්ජනය කරමින් දැරිය දැඩි ලෙස බියගන්වා තිබූ බවද පැමිණිල්ලේ සඳහන් වෙනවා.
දැරිය මේ වන විට වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
චෝදනා එල්ල වී ඇති සීයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් ඔහුගේ නිවස පරීක්ෂා කළද ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, දැරියගේ පියා මුහුදු රැකියාව සඳහා ගොස් සිටීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය මගින් විශේෂ විමර්ශන මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.