ෆේස්බුක් ඉන්න පොඩි අයට වැඩ වරදියි.. ලෝකෙම හොල්ලපු ඕස්ට්‍රේලියාවේ අලුත්ම නීතිය මෙන්න.
Friday, 14 August 2026 - 11:31 | Views - 125
ළමුන්ගේ සහ නව යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය මගින් සිදුවන බලපෑම් සැලකිල්ලට ගනිමින්, වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

මෙම ඓතිහාසික නීතියට අනුකූල වීම සඳහා Facebook සහ Instagram හිමිකාරීත්වය දරන Meta සමාගම විසින් වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානු වැසියන්ට අයත් යැයි සැක කෙරෙන ගිණුම් 750,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා වුණා.

ඕස්ට්‍රේලියානු රජයේ නියාමකයින්ගේ දැඩි මැදිහත්වීම් සහ තර්ජන හමුවේ Meta සමාගම මෙම පියවර ගෙන තිබෙනවා. එහිදී දෙසැම්බර් සිට ජූනි දක්වා කාලය තුළ සැක සහිත Instagram ගිණුම් 462,000ක් සහ Facebook ගිණුම් 294,000ක් අක්‍රිය කර ඇති බව එම සමාගම පවසනවා.

බාලවයස්කාර ගිණුම් හඳුනා ගැනීම සඳහා පරිශීලකයින්ගේ පැතිකඩ, අන්තර්ජාල ක්‍රියාකාරකම් සහ "උපන් දින සැමරුම් හෝ පාසල් ශ්‍රේණි" ගැන කෙරෙන සඳහන් කිරීම් විශ්ලේෂණය කිරීමට Meta සමාගම කෘතිම බුද්ධිය (AI) සහ ඡායාරූප මත පදනම් වූ වයස් ඇස්තමේන්තු මෘදුකාංග (Age estimation software) භාවිත කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තහනම ක්‍රියාත්මක වූ පළමු මාස කිහිපය තුළදී පවා 16ට අඩු දරුවන්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් වෙනත් ක්‍රම හරහා සමාජ මාධ්‍ය භාවිතා කරන බව ස්වාධීන අධ්‍යයනයන් මගින් හෙළි වී තිබෙනවා.

නීතිය උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය සමාගම් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 99ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 69.75ක්) දක්වා වූ දැවැන්ත දඩ මුදලක් පැනවීමට ද ඕස්ට්‍රේලියානු රජය කටයුතු යොදා ඇති අතර, ලොව පුරා අනෙකුත් රටවල් ද මෙවැනිම නීති හඳුන්වා දීමට දැනටමත් අවධානය යොමු කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top