හිසකෙස් සත්කාර පිටුපස තිබූ කල් ඉකුත් වූ රහස.. දෙහිවල ප්‍රසිද්ධ රූපලාවණ්‍යාගාරයක මහා ජාවාරම අහුවෙයි..
Thursday, 13 August 2026 - 16:29 | Views - 45
දෙහිවල ප්‍රදේශයේ පිහිටි රූපලාවණ්‍ය ආයතනයක් තුළ කල් ඉකුත් වූ ක්‍රීම් වර්ග සහ නොයෙකුත් ආලේපන භාවිතා කරමින් පාරිභෝගිකයින්ට හිස සම්බාහනය සහ හිසකෙස් සැකසීමේ කටයුතු සිදුකරගෙන ගිය බවට ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම ස්ථානය වටලා එහි හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද විශේෂ පැමිණිල්ලක් පදනම් කරගනිමින් මෙම වැටලීම සිදුකර ඇති අතර, පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යයට දැඩි හානියක් සිදුවිය හැකි මට්ටමේ පැවති කල් ඉකුත් වූ ආලේපන සහ හිස සම්බාහනයට යොදාගන්නා ක්‍රීම් වර්ග රැසක් එහිදී සොයාගැනීමට නිලධාරීන් සමත් වී තිබෙනවා.
අදාළ නඩු භාණ්ඩ ලෙස භාවිත කරන ලද කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය සහ ආලේපන තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ භාරයට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් රූපලාවණ්‍ය ආයතනයේ හිමිකරු ඉදිරියේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනවා.
Share This Article