ලෝකය නැවතත් මහා භීතියක.. ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතය වීමේ බරපතළ අවදානමක්..
Thursday, 13 August 2026 - 13:26 | Views - 95
ලෝකය පුරා නැවතත් දැඩි බියක් සහ අනතුරක සෙවනැලි පතුරුවමින්, කොංගෝ රාජ්‍යයෙන් වර්තමානයේ වාර්තා වන ඉබෝලා වසංගත තත්ත්වය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පරදවා ඉදිරියට යාමේ බරපතළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිවේදනය කර සිටිනවා.

වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ගෝලීය සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමුව ඇති අතර, පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙනවා.

11,000 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කරමින් 2014-2016 කාලසීමාව තුළ බටහිර අප්‍රිකාවෙන් වාර්තා වූ දරුණුම වසංගත තත්ත්වය පවා ඉක්මවා යාමේ දැඩි බියක් වර්තමාන ව්‍යාප්තිය හමුවේ උද්ගත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසිස් පෙන්වා දුන්නා.

වෛරසය පැතිර යාමේ වේගය සහ සංකීර්ණතාව හමුවේ පෙර පැවැති වාර්තා සියල්ල බිඳ වැටීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛන සලකා බැලීමේදී, මෙම වසරේ මේ දක්වා ගතවූ කෙටි කාලය තුළ පමණක් කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා ආසාදිතයන් 4,300 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, සිදු වී ඇති මරණ සංඛ්‍යාව 2,000 සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම සීඝ්‍ර වර්ධනය හමුවේ කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් ද සෞඛ්‍ය ආරක්ෂිත පියවර ශක්තිමත් කිරීමේ සහ හදිසි ප්‍රතිකාර සේවා වේගවත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top