කන්ද උඩරට තෙදබල පාන මහනුවර ඇසළ පෙරහර.. සිව් මහා දේවාලවල කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි.
Thursday, 13 August 2026 - 13:13 | Views - 39
ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු, ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කෙරෙන ප්‍රධානතම චාරිත්‍රය වන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ පුණ්‍ය මහෝත්සවය අද පෙරවරු 6.17ට යෙදුණු සුබ නැකතින් ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණා.

නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හිදී පුරාණ සම්ප්‍රදායානුකූලව මෙම කප් සිටුවීමේ මංගල්‍යය සිදු කෙරුණු අතර, ඒ සමගම මෙවර ඇසළ පෙරහරේ නිල කටයුතු ආරම්භ වුණා.

කප් සිටුවීමේ චාරිත්‍රයෙන් අනතුරුව දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙන අතර, කාගේත් දැඩි අවධානය දිනාගන්නා ප්‍රසිද්ධ වීථි සංචාරය කිරීමේ ඉදිරි දිනවලදී අදියර කිහිපයකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මෙවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහැර එළඹෙන 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ කරන අතර, එම පෙරහැර මෙම මස 22 වැනිදා දක්වා පුරා දින 5ක් තිස්සේ මහනුවර වීථි සංචාරය කරමින් බැතිමතුන්ගේ නෙත් සිත් පහන් කිරීමට නියමිතව තිබෙනවා.

කුඹල් පෙරහැර නිමවීමෙන් අනතුරුව, වඩාත් අලංකාරවත් සහ තේජාන්විත රන්දෝලි පෙරහර ආරම්භ වෙනවා. ඒ අනුව ප්‍රථම රන්දෝලි පෙරහැර එළඹෙන 23 වැනිදා වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර, එය පුරා දින පහක් තිස්සේ පැවැත්වෙනවා.

මහනුවර ඇසළ පෙරහැරේ උච්චතම සහ උත්කර්ෂවත්ම අවස්ථාව සනිටුහන් කෙරෙන අවසන් මහා රන්දෝලි පෙරහැර එළඹෙන 27 වැනිදාට යෙදෙන නිකිණි පුර පසලොස්වක පොහොය දින රාත්‍රියේ ගෞරවාන්විතව වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව දියකැපීමේ චාරිත්‍රය සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු මෙවර ඓතිහාසික ඇසළ පෙරහර සාර්ථකව නිමා කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top