පස්වරු 2න් පස්සේ පරිස්සමින්.. දිස්ත්‍රික්ක ගණනාවකටම බලපාන කාලගුණික වෙනස මෙන්න..
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (13) දිනයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම කාලගුණ නිවේදනයෙහි සඳහන් වෙනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනය පුරා වරින් වර වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
මෙයට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං තත්ත්වයන් මෙන්ම ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, එමගින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.