පාසල් දරුවන් ඉලක්ක කළ මදනමෝදක ජාවාරමක් අල්ලයි.. මීට පෙරත් අසුවූ ජාවාරම්කරු නැවතත් කොටුවෙයි..
Wednesday, 12 August 2026 - 20:22 | Views - 40
ගල්නෑව නගරයේ පිහිටි සිංහල බෙහෙත් බඩු අලෙවිසැලක් මගින් පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් විෂ මත්ද්‍රව්‍ය අඩංගු මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක් ගල්නෑව පොලිසිය සහ උතුරුමැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී පාසල් දරුවන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ විෂ මත්ද්‍රව්‍ය අඩංගු මදනමෝදක ගුලි 93ක් සහ කුඩා ප්‍රමාණයේ මදනමෝදක බෝතල් 18ක් සොයාගැනීමට නිලධාරීන් සමත් වී ඇති අතර, අත්අඩංගුවට ගත් මෙම තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මොහු මීට පෙරද මෙම වෙළඳසැලේදී පාසල් දරුවන්ට මෙලෙස මදනමෝදක අලෙවි කරමින් සිටියදී පොලිසියට අසුවී කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ඉදිරියේදී කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගල්නෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top