කොළඹ ක්‍රීඩා සමාජයක උණුසුම් තත්ත්වයක්.. ක්‍රීඩකයෙකුගේ පහරදීමෙන් ක්‍රීඩාංගණ සේවකයෙක් ජීවිතයෙන් සමුගනී..
Wednesday, 12 August 2026 - 20:00 | Views - 40
කොළඹ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ක්‍රීඩකයෙකු කළ පහරදීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවූ සුමිත් ප්‍රනාන්දු නමැති අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ක්‍රිකට් පුහුණු පාසලක පුහුණුව ලබන ක්‍රීඩකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හදිසි මරණය පිළිබඳව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මරණයට නිවැරදිම හේතුව අනාවරණය කරගැනීම සඳහා සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top