කොළඹ ක්‍රීඩා සමාජයක උණුසුම් තත්ත්වයක්.. ක්‍රීඩකයෙකුගේ පහරදීමෙන් ක්‍රීඩාංගණ සේවකයෙක් ජීවිතයෙන් සමුගනී..
කොළඹ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ක්‍රීඩකයෙකු කළ පහරදීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ 61 හැවිරිදි වියේ පසුවූ සුමිත් ප්‍රනාන්දු නමැති අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ක්‍රිකට් පුහුණු පාසලක පුහුණුව ලබන ක්‍රීඩකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම හදිසි මරණය පිළිබඳව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මරණයට නිවැරදිම හේතුව අනාවරණය කරගැනීම සඳහා සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.