කල්පිටිය කලපුවේ අවාසනාවන්ත වල්ලම් අනතුරක්.. එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට..
Wednesday, 12 August 2026 - 19:45 | Views - 79
කල්පිටිය, කුරක්කන් හේන ප්‍රදේශයේ කලපුවක සිදු වූ අවාසනාවන්ත වල්ලම් අනතුරකින් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මසුන් ඇල්ලීමට යොදාගන්නා දැල් රැගෙන ඒම සඳහා ඊයේ දහවල් වල්ලමකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වුණා. අනතුරෙන් දරුවන්ගේ මව සහ පියා තුවාල ලබා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

ගමන අතරතුරදී හදිසියේම වල්ලම පෙරළී යාමෙන් මව, පියා සහ දරුවන් දෙදෙනාම කලපුවේ දියේ ගිලී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් ඔවුන් කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවුරුදු 7ක් වයසැති පිරිමි දරුවා සහ අවුරුදු 13ක් වයසැති ගැහැණු දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ දරුවන්ගේ මව දැනට කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වූ පියා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top