කල්පිටිය කලපුවේ අවාසනාවන්ත වල්ලම් අනතුරක්.. එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට..
කල්පිටිය, කුරක්කන් හේන ප්‍රදේශයේ කලපුවක සිදු වූ අවාසනාවන්ත වල්ලම් අනතුරකින් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මසුන් ඇල්ලීමට යොදාගන්නා දැල් රැගෙන ඒම සඳහා ඊයේ දහවල් වල්ලමකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා වුණා. අනතුරෙන් දරුවන්ගේ මව සහ පියා තුවාල ලබා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
ගමන අතරතුරදී හදිසියේම වල්ලම පෙරළී යාමෙන් මව, පියා සහ දරුවන් දෙදෙනාම කලපුවේ දියේ ගිලී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් ඔවුන් කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අවුරුදු 7ක් වයසැති පිරිමි දරුවා සහ අවුරුදු 13ක් වයසැති ගැහැණු දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ දරුවන්ගේ මව දැනට කල්පිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වූ පියා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.