භික්ෂූන් වහන්සේලාට පූජා කරන අටපිරිකරවලත් ජාවාරමක්.. පාරිභෝගික අධිකාරියෙන් විශේෂ අනාවරණයක්..
Wednesday, 12 August 2026 - 19:20 | Views - 73
පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීමකදී රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුතු, ප්‍රමිතියෙන් තොර අටපිරිකර තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම වැටලීමේදී දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ඇතුළත් කිරීම, මළ බැඳුණු දැලිපිහි භාවිතය මෙන්ම අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොකිරීම වැනි අක්‍රමිකතා රැසක් හඳුනාගෙන තිබෙනවා.

පෙරේදා දින සිදුකළ මෙම වැටලීම් 92කදී අටපිරිකර, තනිපට සිවුරු, අඳනකඩ, බඳපටි සහ පාත්‍ර ඇතුළු පිරිකර භාණ්ඩ 436ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම්වලදී අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර පරීක්ෂා කිරීමේදී, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැළී ගිය පාත්‍ර සහ මිල ගණන් අනුව ඇතුළත් කර තිබෙන භාණ්ඩ වෙනස් කිරීම වැනි දේ අනාවරණය වී තිබෙනවා.

පිටත ඇසුරුම දෙස බැලීමෙන් පමණක් මෙවැනි අක්‍රමිකතා හඳුනා ගැනීම පහසු නොවන බැවින්, ආගමික කටයුතු සඳහා අටපිරිකර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වැටලීම්වලදී අසුවූ වෙළෙඳ ආයතනවලට එරෙහිව ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහ නඩු පැවරීමට කටයුතු යොදා තිබෙනවා.

නිසි ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ අලෙවි කිරීම, ඇසුරුම්වල නිවැරදි තොරතුරු සඳහන් කිරීම සහ වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු ලේඛන පරීක්ෂා කිරීම වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සක්‍රීයව මැදිහත් වෙනවා.

ඒ අනුව අටපිරිකර සහ පිරිකර අලෙවිය සම්බන්ධයෙන් පමණක් මෙම වසර තුළ මේ දක්වා දිවයින පුරා වැටලීම් 127ක් සිදු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top