නිල්වලා ගං ඉවුරෙන් හමු වූ බෑගය සහ පාවහන්.. අකුරැස්සේ මව සෙවීමට දැවැන්ත මෙහෙයුමක්..
Wednesday, 12 August 2026 - 17:32 | Views - 72
අකුරැස්ස - ලේනම දිගනහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් දින තුනක් තිස්සේ අතුරුදන්වීම හේතුවෙන් ඇය සොයා ආරක්ෂක අංශ විසින් නිල්වලා ගංගාව ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම මෙහෙයුම සඳහා මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව ද එක්ව සිටින බව වාර්තා වෙනවා.

පසුගිය අගෝස්තු 09 වැනිදා සිය දියණිය උපකාරක පන්තිය වෙත ඇරලවීමෙන් පසු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ පවුලේ අය විසින් මේ පිළිබඳව සොයාබලා තිබෙනවා.

අකුරැස්ස ප්‍රදේශයේ වෙළෙඳසලක තිබූ CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිසියට, නිල්වලා ගං ඉවුරේ තිබී අදාළ කාන්තාවගේ බවට සැකකෙරෙන බෑගයක් සහ පාවහන් යුවලක් සොයාගැනීමට හැකිව තිබෙන අතර ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top