ලෝක අලි දිනය අදට යෙදෙයි.. වසරේ මේ දක්වා අලි මරණ 201ක්..
Wednesday, 12 August 2026 - 16:26 | Views - 97
අද (අගෝස්තු 12) දිනට යෙදී ඇති ලෝක අලි දිනය වෙනුවෙන් මෙවර නිල තේමාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ “ආරක්ෂිත පරිසර හිතකාමී අලිමංකඩ - ආරක්ෂිත අලි ඇතුන්” යන්නයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මෙරටින් අලි මරණ 201ක් වාර්තා වී ඇති අතර, ඉන් මරණ 108ක්ම සිදුව ඇත්තේ අලි-මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසයි.

අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය සහ ස්වභාවික සංචරණ මාර්ග අවහිර වීම නිසා උග්‍ර වී ඇති මෙම අර්බුදයෙන් ගතවූ මාස 7 තුළ අහිමි වී ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 79කි.

අලි-මිනිස් ගැටුම මෙන්ම වෙඩි වැදීම්වලින් වැඩිම අලි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ නැගෙනහිර වනජීවී කලාපයේ වන අතර, ඊට අමතරව අනුරාධපුරය සහ පොළොන්නරුව කලාපවල ද මෙම තත්ත්වය දැඩි ලෙස දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැටහිරකන්ද, හඳපානාගල සහ කොහොලංකල යන අලිමංකඩවල් තුන මේ වන විට නිල වශයෙන් ගැසට් කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද අලිමංකඩක් නිදහස් කරගැනීමට කටයුතු යොදමින් පවතිනවා.

එමෙන්ම ආබාධිත හා රෝගී වනඅලින්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා ජංගම රෝහල් සේවාවක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top