ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගත් කාන්තාව.. ලක්ෂ 19කට විද පොලිසියට කොටුවෙයි..
Wednesday, 12 August 2026 - 15:56 | Views - 91
අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් බැංකු කාඩ්පත් දෙකක් සොරකම් කර, එමගින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගත් කාන්තාවක් අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාවගේ පෙම්වතා පෙදරේරුවෙකු ලෙස අදාළ ව්‍යාපාරිකයා යටතේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට ඇති අතර හදිසි අවශ්‍යතාවයකට කොළඹට පැමිණෙන තම පෙම්වතියට එක් දිනක් සඳහා ව්‍යාපාරිකයාගේ නිවසේ නවාතැන් දිය හැකි දැයි ඔහු විමසා තිබෙනවා.

පෙදරේරුවාගේ බිරිඳ සහ ඇයගේ මව ව්‍යාපාරිකයා කාලයක සිට හඳුනන නමුත්, තමන් නිවසේ තනිව වෙසෙන බැවින් පෙම්වතියට පමණක් නවාතැන් දිය නොහැකි බවත්, මව සමග පැමිණෙන්නේ නම් නවාතැන් දිය හැකි බවත් ව්‍යාපාරිකයා පවසා ඇති බව සඳහන්.

පෙදරේරුවා සිය පෙම්වතියට මව සමග ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් එහි නතර වී සිටින අතරතුර ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් සොරකම් කරන ලෙස උපදෙස් දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, එක් රැයක් පමණක් නිවසේ නතර වූ සැකකාර කාන්තාව සහ ඇයගේ මව, රාත්‍රී කාලයේදී ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත් දෙකක් සොරකම් කර නිවසින් පලා ගොස් තිබෙනවා.

නිවසින් පලා යන අතරතුර පෙදරේරුවා ද ඔවුන් සමග එකතු වී ඇති අතර අතරමගදී සොරකම් කරන ලද බැංකු කාඩ්පත් මගින් රුපියල් පනස්දහසක මුදලක් ලබාගෙන තිබෙනවා.

ඉන්පසු ඔවුන් වාද්දුව ප්‍රදේශයේදී සිය විවාහය ලියාපදිංචි කර, එදිනම රාත්‍රියේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයක මංගල මධුසමය ගත කර ඇති බව වාර්තා වුණා.

මධුසමය ගත කිරීමෙන් පසු පසුදින ඔවුන් වැලිගම ප්‍රදේශයට යමින් සිටියදී, වරෙන්තු කිහිපයක් මත සැකකාර කාන්තාවගේ පෙම්වතා බව කියන පෙදරේරුවා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විට ඔහු සතුව මත්ද්‍රව්‍ය ද තිබී හමු වී තිබෙනවා.

තම පෙම්වතා අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකාර කාන්තාව මාතර ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඇය සොරාගත් බැංකු කාඩ්පත් භාවිතා කරමින් නවීන ජංගම දුරකතන දෙකක්, රන් භාණ්ඩ සහ විවිධ දෑ මිලදී ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බැංකු කාඩ්පත් භාවිතා කරන ලද අලෙවිසැල්වල ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙකුගේ උපදෙස් මත සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර පදිංචි 26 හැවිරිදි එක් දරු මවක්.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top