මේ කතාවනම් බොහොම අපූරු කතාවක්.. බ්රසීලයේ බෝගස් නැමති මේ පවුලේ බොහොම අපූරු සාමාජිකයන් දෙන්නෙක් ඉන්නවා. ඒ සුරතලයට ඇතිකරපු කොටි දෙන්නෙක්.
බෝගස් පවුලට මේ කොටි දෙන්නා ලැබිලා තියෙන්නේ සර්කස් සංදර්ශනයකදී. සර්කස් සංදර්ශනයට ගෙනවිත් තිබුණු මේ කොටි දෙන්නා අසනීප තත්වයෙන් සිටි නිසා, එයාලා දුක් විඳිනවා බලන් ඉන්න බැරිනිසා මේ කොටි පැටවු දෙන්නා පැට්රිස් ආර්යස් නැමති බෝගස් පවුලේ ගෙහිමියා විසින් සිය නිවසට රැගෙනවිත් තිබෙනවා. ඔහුගේ ළමයින් පවා කුඩාකළ සිටම ඇති දැඩි වුනේ මේ අපූරු සාමාජාකයන් දෙන්න එක්ක තමයි.
දැන් මේ කොටිදෙන්න පැටවු දාලා පැටවු 7 දෙනෙක්ගෙන් යුක්ත කොටි පවුලක්ම හැදිලා.
මේ තියෙන්නේ බෝගස් පවුලේ වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක්..