බෙල්ලන්විල ඇසළ පෙරහර හෙට සිට ඇරඹෙයි.. විශේෂ රථවාහන සැලැස්මක් මෙන්න.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය හේතුවෙන් හෙට (13) සිට ලබන 15 වැනිදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට (13) රාත්‍රී 07.00ට පාවාඩ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත අතර, එම කාලය තුළ 119 මහරගම - දෙහිවල ප්‍රධාන බස් මාර්ගයේ, බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා කොටසේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනවා.
එම කාල සීමාව තුළ අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද උපදෙස් ලබා දී තිබෙනවා.