එවරස්ට් කඳු නැගි අයට සලකුණක් වූ 'Green Boots'.. 1996 ඛේදවාචකයේ පිටුපස ඇති සැබෑ කතාව මෙන්න.
Monday, 10 August 2026 - 12:22 | Views - 41
එවරස්ට් කඳු මුදුනේ මීටර් 8,500ක් පමණ උසින් පිහිටි හිම අතර වසර 30ක් පුරා ගල්වී තිබූ "ග්‍රීන් බූට්ස්" (Green Boots) නමින් ලෝක ප්‍රසිද්ධ වූ මළ සිරුර නැවත මව්බිමට ගෙන ඒම සඳහා ඉන්දියාව විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

1996 වසරේදී එවරස්ට් තරණය කිරීමේදී මියගිය මෙම කඳු නගින්නා, ඔහු පැළඳ සිටි ලා කොළ පැහැති සපත්තු යුගළ නිසා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර එදා සිට එවරස්ට් කඳු මුදුනට යන බොහෝ දෙනෙකුට මෙම සිරුර දැකගත හැකි වුණා.

දීර්ඝ කාලයක් තිස්සේ වෙනත් අයෙකුගේ යැයි සැලකණු මෙම සිරුර, උපකරණ සහ ඇඳුම් පරීක්ෂා කිරීමෙන් පසු ඉන්දීය-ටිබෙට් දේශසීමා පොලීසියේ ලාන්ස් නායකයෙකු වූ දෝර්ජේ මෝරුප්ගේ (Dorjee Morup) බවට තහවුරු කරගෙන තිබෙනවා.

උෂ්ණත්වය සෙල්සියස් අංශක -40 දක්වා පහළ වැටෙන, ඔක්සිජන් අතිශය අඩු "මරණ කලාපයෙන්" (Death Zone) සිරුරක් රැගෙන ඒම අතිශය අවදානම් සහගත බැවින්, මේ සඳහා ඉන්දීය-ටිබෙට් දේශසීමා පොලිසියේ විශේෂඥ කණ්ඩායම් යොදවා ඇති අතර සියලු වියදම් ඉන්දීය රජය විසින් දරනු ලබනවා.

වසර 30ක් පුරා තම සැමියා යළි එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි මෝරුප්ගේ 75 හැවිරිදි බිරිඳ, සිරුර ගෙන ආ පසු DNA පරීක්ෂණවලින් අනන්‍යතාව තහවුරු කරගෙන අවසන් කටයුතු කිරීමට සූදානමින් සිටිනවා. එමෙන්ම ඔහුගේ නම ඉතිහාසයට එක් කළ ඒ "ලා කොළ පැහැති බූට් සපත්තු යුගළ" තම පවුලේ උරුමයක් ලෙස සුරක්ෂිතව තබා ගැනීමට ද ඔවුන් බලාපොරොත්තු වෙනවා.
 
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top