බන්ධනාගාර නොසන්සුන්තා ගැන සෙවීමට තද තීරණයක්.. සියලු ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට..
Monday, 10 August 2026 - 10:38 | Views - 34
දිවයින පුරා බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ ගැටුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් එළඹෙන අගෝස්තු 18 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කළා.

මෙවැනි දරුණු සිදුවීම් ඉදිරියට යළි ඇති නොවීමට ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මීගමුව, මහර, මැගසින් සහ කුරුවිට යන බන්ධනාගාර තුළ ගෙවුණු සති පහක කාලය ඇතුළත හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 160කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව හෙට දින ලැබීමට නියමිත බව ද පොලිසිය සඳහන් කර සිටිනවා.

මෙවැනි හදිසි තත්ත්වයක් හමුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු නිල වශයෙන් මාධ්‍ය වෙත ලබාදීම සඳහා නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මෙලෙස නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර ඇති අතර, ඒ. සී. ගජනායක විසින් මීට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top