1951න් පසු චීනයට ආ විශාලතම සුළි කුණාටුව.. ගංවතුර සහ නායයෑම් රතු එළි මැද චීනයේ නැගෙනහිර වෙරළට ඩොල්ෆින් කඩා වදී..
Monday, 10 August 2026 - 9:23 | Views - 29
ප්‍රබල වැසි සහ අධික සුළං සහිත 'ඩොල්ෆින්' සුළි කුණාටුව පැයට කිලෝමීටර් 162ක පමණ අධික වේගයකින් චීනයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදී තිබෙනවා.

මෙය 1951 වසරෙන් පසුව නැගෙනහිර චීනයට බලපෑ විශාලතම සුළි කුණාටුව ලෙස සටහන් වන අතර, මෙහි බලපෑම ආසන්න වශයෙන් දින 12ක් පුරා පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කුණාටුවේ බලපෑමත් සමඟ නැගෙනහිර චීනයේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 250ත් 500ත් අතර අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, කුඩා ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් සහ කඳුකර ප්‍රදේශවල නායයෑම් අවදානම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් නැගෙනහිර චීනය පුරා මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, ෂැංහයි නගරයෙන් පමණක් පුද්ගලයින් 30,300කට ආසන්න පිරිසක් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම වරාය සහ ගුවන් තොටුපළ රැසක සේවා තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගුවන් ගමන් 1,400ක් පමණ අවලංගු කර ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර, ඩොල්ෆින් සුළි කුණාටුවේ බලපෑම පිලිපීනයට ද දැඩි ලෙස එල්ල වී ඇති අතර, එහි හටගත් අධික වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට පුද්ගලයින් 380,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා.

මූලාශ්‍රය - බීබීසි
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top