දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි.. ප්‍රබල සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු එළියක්..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතටත්, අම්පාර, මඩකළපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ඊට අමතරව උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30ත් 40ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවලින් වළකින ලෙසට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මඩකළපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.