වසර 121කට පසු ස්පාඤ්ඤයට දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණයක්.. නාසා ආයතනයෙන් විශේෂ නිවේදනයක්..
වසර 121කට පසුව එළඹෙන අගෝස්තු 12 වැනිදා ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක් දැකගත හැකි වන බව නාසා ආයතනය (NASA) උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
1905 වසරෙන් පසුව මෙම ප්‍රදේශයට දර්ශනය වන ප්‍රථම පූර්ණ සූර්යග්‍රහණය මෙය වන අතර, ස්පාඤ්ඤයට අමතරව ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, රුසියාව සහ පෘතුගාලයේ ඇතැම් කොටස්වලට ද මෙය ඉතා පැහැදිලිව දර්ශනය වීමට නියමිතයි.
මෑත කාලීනව, 2024 වසරේදී අමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවලට ද මෙවැනිම පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වූ අතර, මෙවර යුරෝපය ආශ්‍රිතව සිදුවන මෙම දුර්ලභ ගගනගාමී සිදුවීම නැරඹීමට ලොව පුරා විද්‍යාඥයින් සහ සංචාරකයින් විශාල පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වුණා.