මිනිබිරියන් එක්ක බූරු ගසමින් සිටි 77 හැවිරිදි මිත්තණිය මාට්ටු.. පන්සලේ පැය 50ක ප්‍රජා සේවයට නියෝග..
Sunday, 09 August 2026 - 16:50 | Views - 27
තමන්ගේ මිනිබිරියන් දෙදෙනා ඇතුළු පිරිසක් සමඟ නිවසේ බූරු ගසමින් සිටි 77 හැවිරිදි මහලු කාන්තාවකට සහ තවත් පුද්ගලයෙකුට මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ නියෝග කර තිබෙනවා.

ඊට අමතරව එම මහලු කාන්තාව ඇතුළු පිරිසට තමන් පදිංචි නිවස අසල පිහිටි උඩුවර විහාරස්ථානයේ පැය පනහක කාලයක් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී වැඩිදුරටත් නියෝග කළා.

මෙසේ අත්හිටුවූ සිර දඬුවම් සහ ප්‍රජා සේවය නියම වූයේ අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි වියේ පසුවෙන කාන්තාවකට, ඇගේ දියණියගේ දියණියන් දෙදෙනාට සහ අසල්වැසි තවත් පුද්ගලයෙකුටයි.

උඩුවර විහාරස්ථානය අසල නිවසක කාලයක් තිස්සේ මහලු කාන්තාවක් විසින් බූරුපිටියක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව අඟුරුවාතොට පොලිසිය විසින් ඉකුත් 06 වැනිදා මෙම නිවස වටලා මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ නිවසේ බූරු ගසමින් සිටි තවත් කිහිපදෙනෙකු පලා ගොස් ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු පලායාමේදී අනතුරට ලක්ව හිසට මැහුම් 04ක් යොදා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු, ඔවුන්ට ධර්මය පිළිබඳ අවබෝධ කරදීම සඳහා විශේෂ දේශනයක් පැවැත්වීමට ද ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ඇයගේ ලස්සන නම් ඇත්ත වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top