සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි.. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්..
Sunday, 09 August 2026 - 16:24 | Views - 26
ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් සංවිධානාත්මක ලෙස කප්පම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව නැවතත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම සයිබර් ජාවාරම විදේශ රටක සිට මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරක දමුණුපොල මහතා සඳහන් කළා.
මෙම ජාවාරම්කරුවන් විසින් ප්‍රථමයෙන්ම සුරූපී තරුණියකගේ ඡායාරූප සහිත ව්‍යාජ ගිණුමකින් කෙටි පණිවුඩයක් යොමු කර සංවාද ආරම්භ කරන අතර, අනතුරුව වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා ලෙස අදාළ පුද්ගලයාගෙන් ඉල්ලීම් කරනවා.
පසුව එම වීඩියෝ ඇමතුම් හරහා නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගන්නා අතර, පසුව එකී නිරුවත් වීඩියෝ දර්ශන පටිගත කරගෙන ඒවා පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් දීර්ඝ ලෙස කප්පම් මුදල් ලබා ගැනීම සිදු කරන බව අනාවරණය වී තිබෙනවා.
එම නිසා නොදන්නා අංක සහ ගිණුම්වලින් පැමිණෙන මෙවැනි ඇමතුම් සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රවේසම් වන ලෙස සෞඛ්‍ය සහ තාක්ෂණික අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article