සුපිරි වෙළෙඳසැල්වලටත් යවා ඇති බලපත්‍ර නැති ටින් මාළු.. රුපියල් ලක්ෂ 15ක තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට..
Sunday, 09 August 2026 - 16:13 | Views - 30
වලංගු බලපත්‍රයක් නොමැතිව පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා.

මෙම වැටලීමේදී අදාළ ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරනු ලැබූ ටින් මාළු දිවයිනේ විවිධ සුපිරි වෙළෙඳසැල් වෙත ද අලෙවි කර ඇති බව සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ස්ථානය සහ එහි කටයුතු සම්බන්ධයෙන් තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ටින් මාළු තොගය ඉදිරි පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top