සුපිරි වෙළෙඳසැල්වලටත් යවා ඇති බලපත්‍ර නැති ටින් මාළු.. රුපියල් ලක්ෂ 15ක තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට..
Sunday, 09 August 2026 - 16:13 | Views - 31
වලංගු බලපත්‍රයක් නොමැතිව පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී අදාළ ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරනු ලැබූ ටින් මාළු දිවයිනේ විවිධ සුපිරි වෙළෙඳසැල් වෙත ද අලෙවි කර ඇති බව සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ස්ථානය සහ එහි කටයුතු සම්බන්ධයෙන් තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ටින් මාළු තොගය ඉදිරි පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article