ලෝක ආදිවාසී දිනය අදයි.. මෙරට ප්‍රධාන උත්සවය දඹානේදී..
Sunday, 09 August 2026 - 15:13 | Views - 31
ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අද (09) දිනට යෙදී තිබෙනවා.

1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී තීරණය වූ පරිදි, ආදිවාසී ජනතාවගේ භාෂා, සංස්කෘතීන් සහ ඔවුන්ගේ බිම් මට්ටමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සෑම වසරකම අගෝස්තු 09 වැනිදා මෙම දිනය සමරනු ලබනවා.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් පමණ ජීවත් වන බවටයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ලෝක ආදිවාසී දිනයට සමගාමීව මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය දඹාන ආදිවාසී ගම්මානය මුල්කරගෙන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තම සාම්ප්‍රදායික උරුමයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වනාන්තරවලට ඇතුළුවීමේදී තම ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් වහා කටයුතු කළ යුතු බව මෙම දිනය නිමිත්තෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ඇයගේ ලස්සන නම් ඇත්ත වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top