විල්පත්තුව අධි සංවේදී කලාපයේ පරිසර හානියක්... කලාඔයේ නීති විරෝධී ලෙස හැසිරුණු 14කට වැඩ වරදී..
Sunday, 09 August 2026 - 14:48 | Views - 36
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සහ ඒ ආශ්‍රිත අධි සංවේදී ප්‍රේරණ කලාපය මධ්‍යයේ ගලා බසින කලාඔයේ දිය නෑමේ මුවාවෙන් පැමිණ පරිසර පද්ධතියට හානි කරමින් නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකුට එරෙහිව පුත්තලම අධිකරණය හමුවේ නඩු පැවරීමට එළුවන්කුලම වනජීවී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

දිනකට 1,000කට අධික පිරිසක් දිය නෑම සඳහා පැමිණ ස්වාභාවික පරිසරය විනාශ කරන බවට ලද තොරතුරකට අනුව ඊයේ (08) මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වුණා.

මෙහෙයුම අතරතුර සැකකරුවන් අධික ශබ්ද වාහිනී යොදා ගනිමින් මත්පැන් සාද පවත්වමින් සිට ඇති අතර, තවත් පිරිසක් තහනම් දැල් සහ බිලිපිති යොදා ගනිමින් මසුන් මරමින් සිට තිබෙනවා. එමෙන්ම දුර්ලභ ගණයේ කුඹුක් ශාක මුල්වල ගිනි දැල්වීම, ගස්වල අතු කැපීම සහ ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බව ද නිරීක්ෂණය වී තිබෙනවා.

තහනම් දැල් යොදා ගනිමින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වලයා, රෝගුවා, ලූළන්, ගෝල්ඩන් සහ කැට්ලෝ යන මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා හොර රහසේ රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම මසුන් නැවත නිරුපද්‍රිතව කලාඔයට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ප්‍රකාරව රාජකාරියට බාධා කළ පිරිස ද ඇතුළුව සැකකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර, දැනට වනජීවී ඇප මත මුදාහැර සිටින මොවුන් ඉදිරි දිනයේදී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් එළුවන්කුලම වනජීවී ඒකකයේ නිලධාරීන් වැඩිදුර පුළුල් විමර්ශන පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top