අ.පො.ස උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි.. විභාග ශාලාවට යන්න කලින් මේ දේවල් මතක තියාගන්න..
Sunday, 09 August 2026 - 14:11 | Views - 32
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට (10) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලබන සැප්තැම්බර් 05 වැනිදා තෙක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී විභාග කටයුතු පැවැත්වීමට සියල්ල සැලසුම් කර තිබෙනවා.

විභාගය පැවැත්වෙන කාලය තුළ කිසියම් ආපදා තත්ත්වයක් මතු වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල ඉන්දිකා කුමාරි ලියනගේ,

'' සියළුම විභාග අපේක්ෂකයින්ට මතක් කරනවා මේ වන විට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර පාසල් අයැදුම්කරුවෙක්නම් විදුහල්පතිවරුන් වෙතටත් පෞද්ගලික අයැදුම්කරුවෙක්නම් නියමිත ලිපිනවලටත් තැපැල් මගින් යවා තිබෙනවා. මේ දරුවන් හොඳින් මතක තබාගත යුතුයි විභාග ප්‍රවේශපත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන යා යුතුයි. ජාතික හැඳුනුම්පත වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය යන ඒවායෙන් එකක් වලංගු අනන්‍යාතාපත්‍රයක් වෙනවා. එය දිනපතාම විභාග ශාලාවට රැගෙන යා යුතුයි. මෙම අනන්‍යාතාපත්‍රයක් අස්තානගතව ඇත්නම් තාවකාලික බලපත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පතට භාවිත කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන පාසලේ විදුහල්පති ලවා සහතික කරගෙන යා යුතුයි.
යම් හෙයකින් ප්‍රවේශපත්‍රය හානි වුවහොත් හෝ අස්ථානගත වුවහොත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රවේශපත්‍රය භාගත කළ හැකියි. එයත් පෙර කී පරිදි සහතික කරවා ගත යුතුයි."
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ඇයගේ ලස්සන නම් ඇත්ත වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top