පාරිභෝගිකයින්ට සහනයක්.. ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළයි..
Saturday, 08 August 2026 - 15:49 | Views - 34
අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කඩල කිලෝවක් රුපියල් 327කටත්, සුදු ළූණු කිලෝවක් රුපියල් 649කටත්, රට කජු කිලෝවක් රුපියල් 869කටත්, බී ළූණු කිලෝවක් රුපියල් 224කටත් අලෙවි කෙරෙනවා.
ඊට අමතරව මුං ඇට කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 844ක් ලෙසයි.
එමෙන්ම දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 197කටත්, සුදු කැකුළු රුපියල් 187කටත්, රතු කැකුළු රුපියල් 169කටත්, උඳු කිලෝවක් රුපියල් 864කටත් අර්තාපල් කිලෝවක් රුපියල් 239කටත් අලෙවි වනවා.
Share This Article