ක්‍රිකට් ලෝලීන් බලා සිටි ඒ අභිමානවත් හෝරාව.. LPL අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ..
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ උණුසුම්ම ජයග්‍රාහී අවසන් මහා තරගය අද (08) රාත්‍රියේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30ට මෙම තීරණාත්මක තරගය ආරම්භ වීමට නියමිතයි.
මෙවර අවසන් මහා තරගයේදී භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම කුසලානය වෙනුවෙන් එකිනෙකාට එරෙහිව තරග කරනු ලබනවා.
දෙපිලේම ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අද තරගයට පිවිසෙන බැවින් ක්‍රිකට් ලෝලීන්ට ඉතා උද්වේගකර හා තරගකාරී අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව හිමිවේවි.