මාසයකට පසු වත්තල උපන්දින සාදයේ වෙඩි තැබීමේ අභිරහස විසඳෙයි.. සැකකරුවන් 3ක් පොලිස් භාරයට..
Saturday, 08 August 2026 - 9:17 | Views - 39
පසුගිය ජූලි මාසයේ 23 වැනිදා රාත්‍රී කාලයේ වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගි වී සිටි පුද්ගලයෙකුට කාර් රථයකින් පැමිණ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහය ඇතිව සිදු කරන ලද විශේෂ විමර්ශනයකින් පසුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 35 හා 36 වයස්වල පසුවන ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධයට යොදාගත් කාර් රථය පැදවූ රියැදුරු, ප්‍රධාන වෙඩික්කරු සහ අපරාධකරුවන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා සිටින බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top