අහස වලාකුළින් බරවෙයි. ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි.. කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..
සබරගමුව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත්, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මීට අමතරව උතුරු-මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත් හරහා විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමා යාමේ ඉඩකඩක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.