ශ්‍රී ලාංකේය ජන සන්නිවේදනයේ පුරෝගාමියා වූ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි..
Friday, 07 August 2026 - 15:01 | Views - 26
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අතිපූජනීය අධ්‍යයනඥයෙකු, සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු වූ මහාචාර්ය විමල් දිසානායකයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට එතුමන්ගේ වයස අවුරුදු 86ක්. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භක නියමුවෙකු ලෙස කටයුතු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජන සන්නිවේදන විෂයය ශාස්ත්‍රීය මට්ටමින් හඳුන්වා දීමට මුලපිරූ ප්‍රධානතම විද්වතාණන් වන්නේ ද මහාචාර්ය විමල් දිසානායකයන් වෙනවා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය හදාරමින් සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් එතුමා පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස සැලකෙනවා.

පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය කරගනිමින් ආචාර්ය උපාධිය ලබාගත් එතුමා, 1975 දී අධි ශිෂ්‍යත්වයක් ලබමින් පෙන්සිල්වේනියා සරසවියෙන් ජන සන්නිවේදනය හා සිනමාව පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය ද හිමිකරගනු ලැබුවා.

මෙරට සන්නිවේදන විෂයයෙහි පුරෝගාමී විද්වතා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ පළමු අංශාධිපතිවරයා වශයෙන් කටයුතු කළ එතුමා 1979 දී ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයට පත්වීමක් ලබා විදේශගත වුණා.

මියයන තෙක්ම එහි ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා ලෙසත්, හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය පදවිය උසුලමින් සන්නිවේදන හා සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කිරීමට එතුමා කටයුතු කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top