මුහුදු ප්‍රදේශ රැසකට හදිසි කාලගුණ අනතුරු ඇඟවීමක්.. නාවික හා ධීවර ප්‍රජාවට රතු එළියක්..
Friday, 07 August 2026 - 14:32 | Views - 25
කල්පිටිය සිට කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම්දෙන තුරු මුහුදු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයකට වැඩි විය හැකියි.

එම මුහුදු සීමාවන් ද විටින් විට රළු විය හැකි බැවින් එහි කටයුතුවල යෙදෙන පිරිස් සවිධානයෙන් පසුවිය යුතු වෙනවා.

මේ නිසා ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top