පාසල් සිසුන්ගේ නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.. සිසුන්ට සහ දෙමාපියන්ට වැදගත් දැනුම්දීමක්..
2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙට (07) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එසේම මුස්ලිම් පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන මස 02 වැනි බදාදා දිනෙන් අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වුණා.
සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනි සඳුදා දින නැවත ආරම්භ වී දෙසැම්බර් 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඊට අමතරව 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු යොදා ඇති බව ද අනාවරණය වුණා.