මහනුවර ප්‍රදේශ රැසකට අද පැය 5ක ජල කප්පාදුවක්.. ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්..
පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් ජලය ලබාදෙන මහනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට අද පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය පහක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
පද්ධතියේ සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදු වූ බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්,
මැදවල (පැරණි) සේවා ජලාශය
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලාව, තිබ්බුට් සහ තලපැලැල්ලේගොඩ පාර.
මැදවල (නව) සේවා ජලාශය
බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.
ගල්ලෙනවත්ත සේවා ජලාශය
ගල්ලෙනවත්ත සහ ඛාන්අංග
ගලගෙදර සේවා ජලාශය
ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.
මාවතගම සේවා ජලාශය
මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කළ අතර, අදාළ කාල සීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දුන්නා.