විනෝදයට සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට වැඩ වරදියි.. ලක්ෂ 4කට වැඩි දඩයක් නියම වෙයි..
Wednesday, 05 August 2026 - 16:09 | Views - 20
කඳපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයෙන් සීතාඑළිය රක්ෂිතයට ඇතුළු වී එම රක්ෂිතයට ගිනි තැබූ සැකකරුවෙකුට රුපියල් ලක්ෂ හතරකට වැඩි දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තා.

නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු තමන් කළ වරද පිළිගැනීමට කටයුතු කළා.

එබැවින් සැකකරු රක්ෂිතයට ඇතුළු වීම සහ ගිනි තැබීම වෙනුවෙන් රුපියල් 40,000ක දඩයක් සහ රක්ෂිතයේ හෙක්ටයාර එකකට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් 403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස නියෝග කළා.

මෙලෙස දඩ නියම වූයේ නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි 48 හැවිරිදි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නමැති අයෙකුටයි.

ඉකුත් ජූලි 21 වැනිදා විනෝදයට රක්ෂිතයට ගිනි තැබූ බවට පවසා තිබූ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කළා. 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top