විනෝදයට සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට වැඩ වරදියි.. ලක්ෂ 4කට වැඩි දඩයක් නියම වෙයි..
කඳපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයෙන් සීතාඑළිය රක්ෂිතයට ඇතුළු වී එම රක්ෂිතයට ගිනි තැබූ සැකකරුවෙකුට රුපියල් ලක්ෂ හතරකට වැඩි දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තා.
නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු තමන් කළ වරද පිළිගැනීමට කටයුතු කළා.
එබැවින් සැකකරු රක්ෂිතයට ඇතුළු වීම සහ ගිනි තැබීම වෙනුවෙන් රුපියල් 40,000ක දඩයක් සහ රක්ෂිතයේ හෙක්ටයාර එකකට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් 403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස නියෝග කළා.
මෙලෙස දඩ නියම වූයේ නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි 48 හැවිරිදි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නමැති අයෙකුටයි.
ඉකුත් ජූලි 21 වැනිදා විනෝදයට රක්ෂිතයට ගිනි තැබූ බවට පවසා තිබූ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කළා.