ලක් මව රනින් සැරසූ රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට.. කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලයටත් උසස් කරයි.
Wednesday, 05 August 2026 - 15:48 | Views - 22
23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා පැමිණීමට නියමිත බව වාර්තා වුණා.
මීට පෙර ඔහු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවූ අතර, තරගාවලිය නිම කරමින් ඔහු ඊයේ දිවයිනට පැමිණියා.
මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් නිලයේ සිටි රුමේෂ් තරංග සැරයන් නිලය දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පියවර ගත්තා.
ඊට අමතරව ඔහු වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු කළ අතර, මෙම ජයග්‍රහණය පිටුපස සිටි පුහුණුකරු ටෝනි ප්‍රසන්න සහ භෞතචිකිත්සක කෝප්‍රල් චන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට පියවර ගත්තා.
Share This Article