පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වටවලට... නායයෑම් සහ ගංවතුර අවදානම ගැන හදිසි නිවේදනයක්..
Monday, 03 August 2026 - 14:26 | Views - 41
අද (03) පෙ.ව. 06.00 න් අවසන් වූ පසුගිය පැය 24 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
එහිදී වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 204.00 ක්.
මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් වාර්තා වූ අනෙකුත් ප්‍රදේශ ලෙස,
නෝර්ටන් (නුවරඑළිය): මි.මී. 187.80
දොලොස්බාගේ (මහනුවර): මි.මී. 172.00
නාවලපිටිය (මහනුවර): මි.මී. 153.40
හැටන් (නුවරඑළිය): මි.මී. 148.40
කිතුල්ගල (කෑගල්ල): මි.මී. 140.80
හුණුගල්ඔය (නුවරඑළිය): මි.මී. 137.80
කොටගල (නුවරඑළිය): මි.මී. 137.00
නානුඔය (නුවරඑළිය): මි.මී. 131.60
වේවැල්වත්ත (රත්නපුර): මි.මී. 112.40
වලේබොඩ (රත්නපුර): මි.මී. 101.20 සඳහන් වෙනවා.
මධ්‍යම කඳුකරයට සහ රත්නපුර, කෑගල්ල, ගාල්ල දිස්ත්‍රික්කවලට දිගින් දිගටම ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර නායයෑමේ අවදානම පිළිබඳව ද ජනතාව විමසිලිමත් වන ලෙසද අදාල අංශ දැනුම්වත් කර සිටිනවා.
Share This Article