මහවැලි ගංඟාවේ ජල මට්ටම ඉහළට.. පේරාදෙණිය "සරසවි මැදුර" නේවාසිකාගාරයේ සිසුන් හදිසියේම ඉවත් කරයි.
Monday, 03 August 2026 - 14:07 | Views - 39
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “සරසවි මැදුර” නේවාසිකාගාරයේ පහළ මහලේ රැඳී සිටි සිසුන් වහාම ඉන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ, පවතින අධික වර්ෂාපතනයත් සමඟ මහවැලි ගංද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමේ අවදානම සලකා බලමින්.

එමෙන්ම, නේවාසිකාගාරවල සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අනෙකුත් සිසුන්ට ද පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව පසුවන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකළා.

ප්‍රදේශයට තවදුරටත් වැසි පතිත වුවහොත් මහවැලි ගංද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමණාකරන මධ්‍යස්ථානය අද නිවේදනය කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top