දෙහිවල සුසාන භූමියේ වෙඩික්කරු අනුරපුරෙන් කොටුවෙයි.. දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ ඇත්ත හෙළිවෙයි.
Monday, 03 August 2026 - 12:35 | Views - 33
දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිහින්තලය අඹතලාගම ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුබෝවිල අවිශ්ක හා කොස්මල්ලී යන අය විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති අතර, ඒ සඳහා වෙඩික්කරුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද ලබා දී ඇති බව වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩි තබා පළාගොස් තිබුණේ පසුගිය 19 වැනිදායි.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් පලායන ආකාරය ද CCTV කැමරාවක සටහන්ව තිබුණා.

වෙඩි වැදීමට ලක්ව තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සැන්ඩෝ නමැත්තාගේ පියාටයි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව පසුගියදා මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවුණා. වෙඩික්කරු මිහින්තලය ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් කළ මෙහෙයුමකදී වෙඩික්කරු සහ කාන්තාවක් මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩික්කරු 44 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු වන අතර, ඔහු සමග අත්අඩංගුවට පත්වූ 35 හැවිරිදි කාන්තාව ඔහුගේ අනියම් බිරිඳ බවයි පොලිසිය පැවසුවා.

ඔවුන් සන්තකයේ තිබී ගිනි අවිය සඟවාගෙන ආ අත් බෑගය හා ජංගම දුරකථන දෙකක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඔහු තවත් පුද්ගලයෙකු සමග පසුගිය 19 වැනිදා පෙරවරුවේ සොහොන් කොතකට පහන් දැල්වීමේ මුවාවෙන් දෙහිවල සුසාන භූමියට පැමිණ ඇති බව වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා.

කෙසේවෙතත් ඔවුන්ගේ ඉලක්කය වූ මුරකරු එහි නොසිටීම හේතුවෙන් ඔවුන් නැවතත් එදින සවස් කාලයේ පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බව ද මෙහිදී හෙළිව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන අවිෂ්ක ඒෂාන් නොහොත් "කළුබෝවිල අවිශ්ක" හා "කොස් මල්ලී" යන අය විසින් මෙහෙයවා ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන්ට ලබාදුන් බවටත් වෙඩික්කරු හෙළි කළ බව පොලිසිය පවසනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top