59 කණුව ළඟ සිදුවූ බිහිසුණු මාරක අනතුර.. ටිපර් රථයක ගැටී තරුණ ජීවිත දෙකක් මහ මගදී බිළිවෙයි..
Monday, 03 August 2026 - 12:12 | Views - 40
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් පොලිස් වසමට අයත් තෝපූර් - ජින්නානගර් 59 කණුව ප්‍රදේශයේදී පස්වරුවේ සිදු වූ මාරක මාර්ග අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව මුතූර් පොලිසිය ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම දරුණු අනතුර සිදුවූ බවයි අනාවරණය වුණා.

අනතුරෙන් මියගොස් ඇත්තේ මුතූර්, කිලිවෙට්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තමිල් සෙල්වන් තනේස් සහ අරුණවන් සෙල්වරෙත්නම් නමැති තරුණයින් දෙදෙනෙක්.

මියගිය තරුණයින්ගෙන් එක් අයෙකු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන අතර අනෙක් තරුණයා ඉදිරියේදී ප්‍රංශය බලා පිටත්ව යාමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටි අයෙකු බව සඳහන් වුණා.

අනතුර සිදුවීමෙන් අනතුරුව ටිපර් රථයේ රියදුරු මුතූර් පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමට පියවර ගත්තා.

මියගිය තරුණයින් දෙදෙනාගේ සිරුරු දැනට මුතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුතූර් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top