කරඬුපනදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර.. ලංගම සහ පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටෙයි.
Monday, 03 August 2026 - 11:22 | Views - 46
කෑගල්ල, කරඬුපන ප්‍රදේශයේදී අද උදෑසන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී දරුණු අනතුරක් සිදුවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බව අනාවරණය වුණා.

අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top