මහර නොසන්සුන්තාවයට මුල මත්ද්‍රව්‍ය ඇතුළට යන ජාවාරම අඩාල වීමද? පොලිසියෙන් තවදුරටත් විමර්ශන..
Monday, 03 August 2026 - 11:15 | Views - 97
ආන්දෝලනයට තුඩු දුන් මහර බන්ධනාගාර සිද්ධියට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළට රහසිගතව මත්ද්‍රව්‍ය පැමිණීමේ ජාලය සම්පූර්ණයෙන් අඩාල වීමද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඇතැම් රැදවියන් කලහකාරී ලෙස හැසිරී අතර එම සිද්ධියත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර, මහර බන්ධනාගාරය තුළ පැය 12කට අධික කාලයක් පැවැති නොසන්සුන්තාව පාලනය කිරීමෙන් අනතුරුව ගැටුමට මුල් වූ බවට සැකකෙරෙන රැඳවියන් 104 දෙනෙකු ඊයේ (02) වෙනත් බන්ධනාගාර වෙත මාරු යැවුණා.

රැඳවියන් මහර බන්ධනාගාරයේ දේපළ රැසකට හානි කර ඇති අතර, එහි ප්‍රධාන ජේලර් කාර්යාලය හා බන්ධනාගාර රෝහල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා තිබුණා.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ද ඊයේ ඉවත් කිරීමටයි පොලිසිය පියවර ගත්තා.

මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගිය අතර, තුවාල ලැබූ රැඳවියන් 9 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එලෙස මියගොස් තිබුණේ වත්තල හැදල ප්‍රදේශයේ පදිංචි දමිත් මදුසංක නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු යතුරුපැදි සොරකමක් හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අයෙකු වනවා.

සාතන්, අසාර්, පැට්ටා යන අන්වර්ථ නම්වලින් හඳුන්වන රැඳවියන් ඇතුළු 10 දෙනෙකු මෙම නොසන්සුන්තාවට මුල්ව ඇති අතර, ඔවුන් ද ඇතුළුව රැඳවියන් 104 දෙනෙකු ඊයේ දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාර වෙත මාරු කර යැවුණා.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් දේපළ හානි සිදුවීම නිසා අද සිට දින 3ක් අමුත්තන්ට රැඳවියන් බැලීම සිදුනොකරන බවට මහර බන්ධනාගාර අධිකාරීවරයාගේ අත්සනින් යුත් නිවේදනයක් බන්ධනාගාර පිවිසුම අසළ ප්‍රදර්ශනය කර තිබෙනවා.

එමෙන්ම, මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියා.

එවන් පසුබිමක ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් මහර බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ එම පරිශ්‍රයට පැමිණ තිබුණා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top