ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් එකවර ඇරෙයි.. වැස්ස තවත් වැඩි වුණොත් සෙසු දොරටුත් ඇරෙන ලකුණු..
ඉහළ කොත්මලේ ජලපෝෂක ප්රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම ස්වයංක්රීයව විවෘත වූ බව ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්රකාශ කළා.
ජලපෝෂක ප්රදේශවලට දිගින් දිගටම වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මේ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් පිහිටි කොත්මලා ඔයේ දෙපස පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම හදිසි තත්ත්වය හමුවේ කොත්මලා ඔය දෙපස ජීවත් වන ජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් පසුවීමට පියවර ගෙන තිබෙනවා.