දිස්ත්‍රික්ක රැසකට හදිසි නායයෑමේ අනතුරු ඇඟවීමක්.. මහනුවර ප්‍රදේශ දෙකකට රතු නිවේදන..
Monday, 03 August 2026 - 10:58 | Views - 65
දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තා.

මෙම විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පෙ.ව. 09:00 සිට හෙට පෙ.ව. 09:00 දක්වා ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගු වන බව එම සංවිධානය සඳහන් කළා.

මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කළා.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 2 වන මට්ටමේ අවධානයෙන් සිටීමේ ඇම්බර් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එබැවින් අදාළ ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, කඳු බෑවුම්වල පැලුම් ඇතිවීම් හෝ ජල උල්පත් පහත්වීම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ යම් ස්ථානයක දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top