රික්ටර් මාපක 5.4ක ප්‍රබල භූකම්පනයෙන් ඊජිප්තුව කැළඹෙයි.. ජර්මානු භූ විද්‍යා මධ්‍යස්ථානයෙන් කළ අනතුරු ඇඟවීම මෙන්න.
Monday, 03 August 2026 - 10:35 | Views - 166
ඊජිප්තු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (03) අලුයම රික්ටර් මාපක 5.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) වාර්තා කරනවා.

මෙම භූකම්පනය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10 ක් (හැතැප්ම 6 ක්) පමණ ගැඹුරින් සිදුව ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

කම්පනයේ කේන්ද්‍රය සූවස් (Suez) නගරයේ සිට කිලෝමීටර 38 ක් දුරින් පිහිටි ප්‍රදේශය බව ඊජිප්තු බලධාරීන් පසුව තහවුරු කර තිබෙනවා.

භූකම්පනය දැනුණු ප්‍රාන්ත සඳහා ඊජිප්තු රතු කුරුස සමාජය (Egyptian Red Crescent) විසින් සිය හදිසි ප්‍රතිචාර සැලසුම් (Emergency response plan) සක්‍රිය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්, අනතුරෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව එම සංවිධානය පවසනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top