මෝටර් රථය කුඩු පට්ටම් වෙද්දී දිවි බේරාගත් සිව්දෙනා... මින්නේරිය පාරේදී අලුයම සිදුවූ තැතිගන්වනසුලු අනතුර..
හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේදී ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබෙනවා.
එහිදී එම අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ගමන් ගත් සිව්දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළා.
අද අලුයම 1.10 ට පමණ මින්නේරිය ජාතික වන උද්‍යානය හරහා වැටී ඇති හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අලුයම් කාලයේ පැවති අඳුරු ස්වභාවය නිසා මාර්ගයේ සිටි වන අලියා රියදුරුට එක්වරම දර්ශනය වී ඇත්තේ නැහැ.
එම මොහොතේ ධාවනය වූ මෝටර් රථය වන අලියාගේ ගැටීමත් සමඟ උරණ වූ අලියා මෝටර් රථයට පහරදී ඇති අතර, රථයේ ගමන්ගත් පිරිස ක්ෂණිකව දිව ගොස් දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.
මෙම මෝටර් රථයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් ඕටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.